brand logo
logo
2024 ලෝක රූ රැජින චෙක් ජනරජයෙන්

2024 ලෝක රූ රැජින චෙක් ජනරජයෙන්

10 March 2024

2024 ලෝක රූ රුජින ලෙස කිරුළ ජයග්‍රහණය කිරීමට චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා සමත් විය.


71 වැනි ලෝක රූ රැජින තරගය අතිඋත්කර්ශවත් ලෙස මෙවර පැවැත් වුණේ ඉන්දියාවේ මුම්බායි හිදීය.


මෙවර තරගාවලිය සඳහා ලොවපුරා රටවල් 115ක තරඟකාරියන් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


23 හැවිරිදි ක්‍රිස්ට්යානා සිස්කෝවා නිරූපිකාවකි. ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටී. මීට පෙර චෙක් ජනරජ සුරූපිනියක ලෝක රූ රැජින කිරුළ දිනුවේ 2006 වසරේදීය.


ක්‍රිස්ට්යානා සිස්කෝවා ට කිරුළ පැලදීම සිදු කරනු ලැබුවේ, පසුගිය 2023 ලෝක රූ රුජින කිරැළ දිනා සිටි පෝලන්ත සුරූපිනිය කැරොලිනා බියෙලාව්ස්කා විසිනි.


මෙවර තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනුවේ, ලෙබනනය නියෝජනය කළ සුරූපිනී යැස්මින් මයිටෝන්ය. තෙවැනි ස්ථානය දිනුවේ, ටි්‍රනිඩෑඩ් සහ ටොබාගෝ දූපත් රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය ආචේ ඒබ්‍රහෑම්ස්ය.


 

More News..