brand logo
logo
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

28 October 2026


එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් හෙට (29) සිට අන්තර්ජාලය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.


ඒ අනුව, අදාළ සේවාවන් සඳහා අයදුම් කිරීමට පෙර අන්තර්ජාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමෙන් පසුව ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණිය යුතු වෙයි.


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩෙවියට පිවිසීමෙන් අනතුරුව 'ප්‍රාදේශීය කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම' යන සබැදිය ඔස්සේ අයදුම්කරුවන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා දී ඇති බව සඳහන්ය.


කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසීය.

 

More News..