brand logo
logo
නේපාලයට ඉන්දියාවෙන් ආධාර තොගයක්

නේපාලයට ඉන්දියාවෙන් ආධාර තොගයක්

10 September 2026


නේපාලයට සහන සැලසීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන දායකත්වය තවදුරටත් ඉහළ නංවා තිබේ.


ඒ අනුව, මුදාගැනීමේ, සහන සැලසීමේ සහ පරීක්ෂණ කටයුතු සඳහා සහාය වීමට විශේෂඥ නිලධාරීන් 54 දෙනෙකු සහ ටොන් 130 කට අධික සහනාධාර තොගයක් නේපාලය වෙත යැවීමට ඉන්දියාව පියවර ගෙන ඇත.


කත්මණ්ඩු නුවර පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කළේ, ඉන්දීය ගුවන් හමුදාවට අයත් 8වන විශේෂ ගුවන් යානය සහනාධාර ද්‍රව්‍ය රැගෙන කත්මණ්ඩු නුවරට ළඟා වූ බවය.


මෙම විශේෂිත උපකරණ අතර මඩ සහිත ප්‍රදේශවල භාවිත කරන විශේෂ ඇඳුම්, ශ්වසන උපකරණ, DNA පරීක්ෂණ කට්ටල සහ ඊට අදාළ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙයි.


දැනට ක්‍රියාත්මක සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක ප්‍රදේශයේ පවතින ඇති දුෂ්කර සහ දැඩි බෑවුම් සහිත ස්වභාවය හේතුවෙන් මෙහෙයුම් කටයුතු වඩාත් අභියෝගාත්මක වී ඇති බවද පැවසෙයි.

 

More News..