brand logo
logo
 සරසවි දිරියෝ අභිමන් සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

සරසවි දිරියෝ අභිමන් සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

11 July 2026


රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (11) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. 


ඒ, හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි. 


මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරනු ලබයි. 


ඒ අනුව සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කරන බව සඳහන්ය. 


"සරසවි දිරියෝ අභිමන්" සමාරම්භක උත්සවයේදී ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 236 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.


මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වේ. 


කොළඹට පැමිණීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වැඩසටහන අගෝස්තු මාසයේදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.


මේ අතර අද දින ශිෂ්‍යාධාර පිරිනැමීමේදී ප්‍රතිලාභී සිසුන් අසළට ගොස් ශිෂ්‍යාධාර පිරිනැමීම විශේෂත්වයක් විය. 

 

More News..