කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
09 September 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
09 September 2026
රුපියල් පන්කෝටි තිස්හත් ලක්ෂ විසිදහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙක් අද (09) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාවන් දෙදෙනා කොළඹ – දෙමටගොඩ සහ තොටළග යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 33 සහ 35 යන වයස් වල පසුවන ව්‍යාපාරික කතුන් දෙදෙනෙකි.
මොවුන් අද (09) පෙරවරු 10.55 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ වායු කාන්දු නොවන සේ අසුරා සකස් කළ පාර්සල් 05ක් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 372ක ප්‍රමාණය සඟවා ගෙන රැගෙන විත් තිබේ.
අත්අඩංගුවට ගැනුණු මෙම කාන්තාවන් දෙදෙනා අද (09) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

