සජිත් පැමිණි රැස්වීමක උණුසුම් තත්ත්වයක්
15 February 2026
සජිත් පැමිණි රැස්වීමක උණුසුම් තත්ත්වයක්
15 February 2026
ප්‍රදේශයේ ගොවි ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) සූරියවැව, අන්දරවැව ප්‍රදේශයේ රැස්වීමකට පැමිණි අවස්ථාවේදී දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
මෙම රැස්වීම සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයින් විසින් සංවිධානය කර තිබු බව සඳහන්ය.
එහි එක් අයෙකු සභාව අමතමින් සිටියදී තවත් අයෙක් ඔහුට විරෝධය දක්වා ඇත.
ඉන් අනතුරුව සංවිධායකයන් විසින් ප්‍රශ්න මතුකළ පුද්ගලයා හා ඔහු සමග පැමිණි පිරිසක් රැස්වීම් භූමියෙන් ඉවත්කර තිබේ.
එහිදී මෙම කලබලය ඇතිවූ බව සඳහන්ය.
පසුව සූරියවැව පොලීසිය විසින් තත්ත්වය පාලනය කර, කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ලවූ අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව තත්ත්වය පාලනය කිරීමෙන් පසු විපක්ෂ නායකවරයා එම රැස්වීම අමතනු ලැබීය.
මෙම රැස්වීම සංවිධායනය කරන ලද සංවිධායකයන් චෝදනා කරන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් පැමිණ මෙම රැස්වීම කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවය

