brand logo
logo
ආහාර උද්ධමනය ඉහළ යයි

ආහාර උද්ධමනය ඉහළ යයි

01 October 2026 | සාලිය කුමාර ගුණසේකර


කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ඉකුත් සැප්තැම්බර් මාසයේදී සියයට අටක් (8%) ලෙස නොවෙනස්ව පැවැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) ඉකුත් අගෝස්තු මාසයේදී ද සියයට අටක් (8%) විය.


සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) සියයට අටයි දශම හත (8.7%) දක්වා වැඩි වී ඇති අතර අගෝස්තු මාසයේ දී එය පැවතියේ සියයට අටයි දශම පහක් (8.5%)ක් ලෙසිනි.


තවද අගෝස්තු මාසයේ දී ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) සියයට හතයි දශම හතක් (7.7%)ක් ලෙස වාර්තා වූ අතර සැප්තැම්බර් මාසයේ දී ද එම අගය නොවෙනස්ව පැවතිණි.

 

More News..