brand logo
logo
ආහාර නොමැතිව වෙලක වැටී සිටි අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට

ආහාර නොමැතිව වෙලක වැටී සිටි අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට

30 October 2026 | නිමල් ජයරත්න-මනම්පිටිය


දින දොළහක් පුරා ආහාර නොමැතිව ගල්ලෑල්ල කුසුම්ගම ප්‍රදේශයේ වෙල්යායක වැටී සිටි අවුරුදු දහයක් පමණ වයසැති අලි පැටියා ඊයේ (29) සවස වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන යාමට වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය පියවර ගත්තේය. 


මහත් පරිශ්‍රමයක් දරා දොබකරයක් ආධාරයෙන් ට්‍රැක්ටර් රථයකට පටවාගෙන වෙල මැද සිට ගොඩට ගෙන වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වන අලි ප්‍රවාහනය කරන ලොරි රථයකට පටවා අලි පැටවා ඇත් අතුරු සෙවණ රැගෙන ගිය අතර  අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට එහිදී පියවර ගන්නා බව වනජීවී පශු වෛද්‍යය ඒකකය සඳහන් කර සිටියහ.

  

මේ සඳහා පොළොන්නරුව වනජීවි කාර්‍යාලවල නිලධාරීන් 40කට ආසන්න කණ්ඩායමක් එකතු වී සිටි අතර වන අලින්ට ආදරය කරන බොහෝ පිරිසක්ද ඒ සඳහා සහාය දක්වා ඇත .



 

More News..