ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වෙයි
11 October 2026 | අමදෝරැ අමරජීව - ත්‍රිකුණාමලය
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වෙයි
11 October 2026 | අමදෝරැ අමරජීව - ත්‍රිකුණාමලය
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (11) අලුයම 1.00ට පමණ කන්තලේ - හබරණ මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව හබරණ පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් ගමන් කර නොමැති අතර, බස් රථයේ හිමිකරු සහ කොන්දොස්තරවරයා පමණක් එහි ගමන් කර තිබේ. ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලිසිය සඳහන් කළේය.
බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බවට සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.