Best News Website award
brand logo
logo
 තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

18 November 2026


බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ ගැන කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.


අද(18) පස්වරු 3ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පස්වරු 3 දක්වා වලංගු වෙයි.


බෙංගාල බොක්කේ දකුණු සහ ඊට යාබද බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘අක්වාන්’ (Akvan) ප්‍රබල සුළි කුණාටුව, අද (18) පෙ. ව. 11.30 පමණ වන විට, එය උතුරු අක්ෂාංශ 13.1° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ (ත්‍රිකුණාමලයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 680ක් පමණ ඊසාන දෙසින්) කේන්ද්‍රගතව පැවතුණි.


මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, මෙම ප්‍රබල සුළි කුණාටුව නොවැම්බර් 20 දින උදෑසන 11.30 පමණ වන විට, ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයේ නෙලෝර් (Nellore) සහ විශාකාපට්නම් (Visakhapatnam) අතරින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරයි.


එමනිසා, උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේ වල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතු වලින් වැලකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.


එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.


මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

 

 

More News..