සෞදි ගුවන්තොටුපොළකට හූති මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර
14 July 2026
සෞදි ගුවන්තොටුපොළකට හූති මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර
14 July 2026
යේමනයේ හූති සංවිධානය විසින් සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සෞදි අරාබිය විසින් යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සංවිධානය සඳහන් කර සිටී.
මේ සමඟ සෞදි රාජධානිය සහ ඉරාන හිතවාදී මෙම සන්නද්ධ කණ්ඩායම අතර වසර හතරක් පුරා පැවති සටන් විරාමය බිඳ වැටී තිබේ.
2022 මාර්තු මාසයේදී සෞදි බලශක්ති යටිතල ව්‍යුහයන්ට හූති සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඇති කරගත් සටන් විරාමයෙන් පසුව එම සංවිධානය විසින් සෞදියට එරෙහිව එල්ල කළ බවට වගකීම භාරගත් පළමු ප්‍රහාරය ද මෙය වේ.

