brand logo
logo
අද කාලගුණය

අද කාලගුණය

18 September 2026

බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.


වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.


ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

 

More News..