කටුනායකදී කෝටි 23ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
08 November 2026
කටුනායකදී කෝටි 23ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
08 November 2026
රුපියල් විසිතුන් කෝටි දහ හතර ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" සහ "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු 11/07 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 37 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ , තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
ඔහු 11/07 දින අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට , බතික් එයාර් ගුවන් සේවයේ ඕ.ඩී.- 297 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ " සියඹලා ටොෆී " අඩංගු බව සදහන් ටින් 04 ක් තුළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 102 ක් සහ තවත් ටොෆී අඩංගු පාර්සල් 06 ක් තුළ ටොෆී ලෙස සකස් කළ " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 260 ක් සගවා ගෙන තිබුණි.
මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය , 11/07 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , වැඩිදුර විමර්ශන කටයුතු සදහා රැදවුම් නියෝග ලබා ගෙන සිදු කරමින් සිටිති .

