Best News Website award
brand logo
logo
තායිලන්තයේ වෙළඳසැලක ගින්නක් - 11 දෙනෙකු මරුට

තායිලන්තයේ වෙළඳසැලක ගින්නක් - 11 දෙනෙකු මරුට

16 November 2026


තායිලන්තයේ ෆුකෙට් ප්‍රදේශයේ වෙළඳසැල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.


තුවාල ලැබූවන් අතර තායි ජාතිකයන් 15 දෙනෙකු සහ එක් මියන්මාර ජාතිකයෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


වාහන සහ යතුරුපැදි කුලියට ලබාදීමේ ව්‍යාපාරික ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති අතර, එය අවට පිහිටි තවත් ගොඩනැගිලි හතරකට ද පැතිර ගොස් ඇති බව සඳහන් වේ.


ගින්න හටගන්නා අවස්ථාවේදී අදාළ ගොඩනැගිල්ලේ නවාතැන්ගෙන සිටි සේවකයන් ඉන් බේරීම සඳහා දිවගොස් ඇති අතර, ඝන දුමාරය ආශ්වාස කිරීම හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් තායිලන්ත බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


 

 

More News..