චීනයේ වැල් පාලමක් කඩා වැටී පස් දෙනෙකු මරුට
07 August 2025
චීනයේ වැල් පාලමක් කඩා වැටී පස් දෙනෙකු මරුට
07 August 2025
වයඹදිග චීනයේ ෂින්ජියැං පළාතේ එල්ලෙන පාලමක කේබලයක් කැඩී යාමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.
එහිදි තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ෂින්ජියැං හි චීනයේ දර්ශනීය සංචාරක කේන්ද්‍රස්තානයක් වන ෂියාටා ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇත.
පාලමේ කේබලය කැඩීයාමත් සමඟ පාලම එක් පැත්තකට ඇලවී ගොස් ඇති අතර එම අවස්ථාවේ සංචාරකයින් පිරිසක් එහි එල්ලී සිටින ආකාරය විඩියෝ දර්ශනවල පටිගත වී තිබුණි.
අනතුරත් සමඟ අදාල සංචාරක ප්‍රදේශය තාවකාලිකව වසා දමා දැමීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.