Best News Website award
brand logo
logo
වියළි මිරිස් තවත් සැරවෙයි

වියළි මිරිස් තවත් සැරවෙයි

23 November 2026 | සාලිය කුමාර ගුණසේකර


පසුගිය වසරට (2025) සාපේක්ෂව ආනයනික වියළි මිරිස් මිල සියයට 75කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.


එම ආයතනය විසින් නිකුත් කරන ලද ‘‘සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණිකාවේ’’ මේ බව සඳහන්කර තිබේ.


එම ආයතනය විසින් අවසන් වරට ඉකුත් ඔක්තෝබර් 23-29 සඳහා නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්කර ඇත්තේ වියළි මිරිස් තොග කිලෝවක මිල රුපියල් 1,100ත් 1,400ත් අතර පරාසයක පවතින බවය. ආනයනික වියළි මිරිස් කිලෝවක මිල සියයට 12කින් ඉහළ ගොස් තිබෙන බවත් පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව කිලෝවක මිල සියයට 75කින් ඉහළ ගොස් තිබෙන බවත් අදාළ වාර්තාවේ දැක්වේ.


මේ වනවිට වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 2,200 ඉක්මවා අලෙවි වන්නේය. මිරිස් කුඩු, කෑලි මිරිස් කිලෝවක මිල රුපියල් 2,900කට ආසන්න මිලක් දක්වා වැඩිවී ඇත.

 

More News..