brand logo
logo
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි

10 June 2025 | සාලිය කුමාර ගුණසේකර


ලංකාවට මහා සංස්කෘතියක් දායාද කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පොහොය දිනය අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකාද්වීපයට බුදුදහම ලැබුණු දිනය නිසාය. ආගමික, සංස්කෘතික, සමාජයීය හා අධ්‍යාපනික අංශ මෙන්ම ශිල්ප ශාස්ත්‍ර ආදී සකලවිධ අවශ්‍යතාවල පුනර්ජීවනයක් හා නව ප්‍රබෝධයක් ඇතිවූයේ මහින්දාගමනයත් සමගය.


පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය ප්‍රදේශයට ඊයේ (09 වැනිදා) දිනයේ සිටම බැතිමත්හු දහස් ගණනක් පැමිණ සිටියහ. මිහින්තලය පූජා භූමියට පැමිණි බැතිමතුන් සේල චෛත්‍ය වන්දනා කිරීමෙන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ වැඩි ‘ආරාධනා ගල’ මතට නගින අයුරු ඡායාරූපයෙන් දැක්වේ.


මිහින්තලයට පැමිණි බැතිමතුන් වෙනුවෙන් පූජා භූමි ප්‍රදේශය ආශ්‍රිතව දන්සල් රැසක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මිහින්තල පූජා භූමිය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද යොදා තිබේ.


මිහින්තලේ 2333 වැනි රාජ්‍ය පොසොන් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10 වැනිදා) පෙරුවරුවේදී පැවැත්වීමට නියමිතය. පොසොන් උත්සවය සඳහා මෙවර රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්තේ වසර දෙකකට පසුවය.

 

More News..