බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
26 July 2026
බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
26 July 2026
සියලුම මගී ප්‍රවාහන බස් රථවල කිලෝමීටර් 5000ක් ධාවනය කිරීමේ අනතුරුව එහි තත්ත්ව පරික්ෂාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා සුදුසු නිලධාරීන් බඳවාගැනීම් සිදු කිරීමට නියමිත බවත් ඔහු පැවසුවේය.
පසුගිය කාලසීමාව තුළ මෙරට සිදු වූ අනතුරුවලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ නොසැලකිලිමත්කම සහ වාහනවල ඇති දෝෂ බව සභාපතිවරයා පෙන්වා දෙයි.
ඒ අනුව වාහනවල තත්ත්ව පරීක්ෂා කරන නිලධාරින් බඳවාගැනීමෙන් අනතුරුව මෙම නීතිය මාස තුන කාලයක් බස් රථ සඳහා ක්‍රියාත්මක කරන බව ඉන් අනතුරුව සියලුම වාහන සඳහා මේ ක්‍රියාත්මක කරන බව ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

