අයෝරා අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීමට අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවට
26 November 2026
අයෝරා අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීමට අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවට
26 November 2026
ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (26) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිතය.
2026 නොවැම්බර් 27 වැනි දින පැවැත්වීමට නියමිත මෙම රැස්වීමට පෙරාතුව, අයෝරා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම නොවැම්බර් 25 සහ 26 යන දිනවලදී පැවැත්වේ.
2023–2025 කාලසීමාව තුළ මෙම සංගමයේ සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකාව, වර්තමානයේ අයෝරා ත්‍රිපුද්ගල නායකත්ව මණ්ඩලයේ (Troika) සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.
ඒ හරහා ඉන්දියානු සාගර කලාපය තුළ කලාපීය ආර්ථික සහයෝගීතාව, සමුද්‍රීය ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.


