roadBlockAd
brand logo
logo
ට්‍රම්ප්ගේ නියෝගය ඇඟලුම් කර්මාන්තයට වාසියක්

ට්‍රම්ප්ගේ නියෝගය ඇඟලුම් කර්මාන්තයට වාසියක්

02 August 2025 | ඉෂාර රත්නකාර

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද අඩුකිරීමට ගත් පියවර තුළින් කලාපයේ අනෙකුත් රටවල් සමග සාධාරණ වෙළෙඳ තරගයකට යොමුවීමට මෙරටට හැකිවන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රකාශ කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංශෝධිත අන්‍යෝන්‍ය ගැළපුම් තීරු බදු ප්‍රතිශතය, ඇඟලුම් නිෂ්පාදනය කරන කලාපයේ අනෙකුත් රටවල් වන බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව හා පාකිස්තානය යන රටවල් සමග ආසන්න වශයෙන් සමපාත වන බවත්, එය ඉන්දියාවට (25%) වඩා අඩු අගයක් ගෙන ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය දන්වා සිටී.

මෙම නව බදු ප්‍රතිශතයෙහි වෙනස තුළින් කලාපයේ අනෙක් රටවල් සමග සාධාරණ වෙළෙඳ තරගයකට යොමුවෙමින් ඇමරිකානු වෙළෙඳපොළ තුළ තරගකාරිත්වය පවත්වාගෙන යාමට හැකිවන බව ද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය දන්වා සිටියි. ඇමරිකාව විසින් මෙම මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන සංශෝධිත තීරුබදු ව්‍යුහයට අනුව ශ්‍රී ලංකාව සඳහා පැනවූ බදු ප්‍රතිශතය 20% ක් වීම පිළිබඳව තම සංසදයේ ප්‍රසාදය පළකරන බවත්, එම බදු ප්‍රතිශතයන් අඩුකර ගැනීම සඳහා ඇමරිකානු නියෝජිතයන් සමග වඩාත් සාර්ථක සාකච්ඡාවන් පැවැත්වීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ස්තූතිය පළකරන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය දන්වා සිටියි.

ආචාර ධර්මීය කම්කරු පිළිවෙත් පාරිසරික තිරසර බව සහ ඇඟලුම් නිෂ්පාදනයේ නවෝත්පාදන සඳහා කැපවෙමින් ඇමරිකාව සමග කරන වෙළෙඳ කට​යුතු තවදුරටත් පුළුල් කිරීමට තම සංසදය ඉදිරියේදී අපේක්ෂා කරන බැවින් තවදුරටත් බදු සහන ඉදිරියේදී අත්පත් කරගැනීමට හැකිවන බව විශ්වාස කරන්නේ යැයි ද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..