brand logo
logo
 මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

24 August 2026


ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය කිරන්චි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


අද (24) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සමඟ තෙප්පම් යාත්‍රාවක් සහ මුහුදු කූඩැල්ලන් 380ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.


සැකකරු අවුරුදු 34ක් වන කිරන්චි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.


නාවික හමුදා භාරයට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.    

 

 

More News..