brand logo
logo
 හිටපු නි. ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට

හිටපු නි. ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට

25 September 2026


හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි යන අය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවකට අදාළව විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස අධිකරණයේ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදීමේ චෝදනාවකට අදාළවය.


සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

More News..