වියළි මිරිස් මිල සැරවෙයි
10 November 2026 | සුනිල් රූපසිංහ- පල්ලේපොළ
වියළි මිරිස් මිල සැරවෙයි
10 November 2026 | සුනිල් රූපසිංහ- පල්ලේපොළ
වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් එක් දහස් අටසීයය දක්වා සහ තොග මිල රුපියල් එක් දහස් හයසිය විස්ස දක්වා ද ඉහළ ගොස් තිබෙන බව තොග වෙළෙන්දෝ පවසති.
දඹුල්ල, තඹුත්තේගම, මීගොඩ, මැනිං ඇතුළු වියළි මිරිස් තොග රටපුරා බෙදා හැරෙන විශේෂ ආර්ථික මධ්‍යස්ථානවලට වියළි මිරිස් තොග සැපයුම පහළ ගොස් තිබෙන බව වෙළෙන්දෝ පවසති.
විවෘත වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1700-1850ක් දක්වා මිල ඉහළ දමා ඇති බව පාරිභෝගිකයන් පෙන්වා දෙයි.
මේ අතර රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් 470ක් සහ ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 180-195ක් දක්වා ඉහළ ගොස් ඇත.
රටපුරා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලට ආනයනික රතු වියළි මිරිස්, ලොකු ලූනු, අර්තාපල් සහ රතු ලූනු තොග සැපයුම පහළ ගොස් ඇති බවත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තොග සැපීම සීමා කිරීමට බලපා තිබෙන බව තොග වෙළෙන්දන් පැවසීය.
එමෙන්ම ඉන්දියාවේ සිට ආනයනය කළ වියළි මිරිස් බහලුම් අනූවකට පමණ අදාළ ප්‍රමිති අනුමැතිය නොලැබීම හේතුවෙන් එම බහලුම් මුදාහැරීමට නොහැකිව රේගු භාරයේ පවතියි.

