brand logo
logo
සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

14 July 2026



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. 


මෙම පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර කරුණු දැක්වීම් සිදුකරනු ලැබීය. 


ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම් ලබන 17 වනදා දක්වා කල්තැබීමට ද අධිකරණය නියම කළේය. 

 

More News..