උසස් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්
24 April 2026
උසස් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්
24 April 2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 වසරේ 6 ශ්‍රේණියට ආරම්භ කරන බවත්, පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවත්, එමෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අප්‍රේල් 24 වන දින නුවර දළදා මාලිගාව අසලින් ආරම්භ කළ සාම පාගමනේ සමාරම්භයෙන් අනතුරුව ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්වහන්සේ බැහැදුටු අවස්ථාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසීය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,
"ජාත්‍යන්තරයේ අවධානය යොමු වූ සාම පාගමන ශ්‍රි ලංකාවේ පැවැත්වීම රටක් ලෙස අපිට සතුටක්. ඒ වගේම ලෝක සාමය අපි හැමෝගේම ප්‍රාර්ථනාවක් ඒ නිසා මේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටුයි.
මෙහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීවාය.
සිදුවී තිබෙන මුදල් වංචාව පිළිබඳ රජය අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් යනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තරවත් විමර්ශන සඳහා සහය දෙන බව දන්වා තිබෙනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ රජය විමර්ශන කටයුතු සඳහාසහය දෙන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී රටකට විපක්ෂයක් අවශ්‍යයි, ඒත් විපක්ෂයකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන කාරණය විපක්ෂය තවම අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා තාමත් තර්කයක් නැති කරුණු ඉදිරිපත් කරමින් රජය අපහසුතාවයට පත් කරන්න කටයුතු කරමින් යනවා. මැති ඇමතිවරුන්ට පදනම් විරහිත චෝදනා කරනවා. මටත් විශ්වාසභංගයක් ගේනවා කිව්වා මාත් බලාගෙන ඉන්නවා මටත් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවක් එනකම්.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු අපි දිගටම සිදු කරමින් යනවා. උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් තරන්නත් කටයුතු කරමින් තිබෙනවා. ඒවගේම වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඉදිරි කටයුතු සිදු කරන්නත් කටයුතු කර තිබෙනවා" යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

