මාලිමා මන්ත්‍රී පැදවූ මෝටර් රථය තාප්පයක ගැටෙයි
30 March 2026
මාලිමා මන්ත්‍රී පැදවූ මෝටර් රථය තාප්පයක ගැටෙයි
30 March 2026
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති බවද වාර්තා වේ.
ඊයේ රාත්‍රී 11.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති බවද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

