brand logo
logo
පොලිස් ජීප් රථයකට සමාන රථයක් මහනුවර දී අල්ලයි

පොලිස් ජීප් රථයකට සමාන රථයක් මහනුවර දී අල්ලයි

04 September 2025

පොලිසියේ ඉහළ නිලධාරීන් භාවිත කරන ජීප් රථයකට සමානව හැඩගන්වන ලද ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


එම ජීප් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් සන්තකයේ පොලිස් නිලධාරීන් භාවිතා කරන ආකාරයේ ගමන් කථන (walkie talkie) දෙකක්ද තිබී අත්අඩංගුවට ගෙන තිබේ. 


මෙම ජිප් රථයේ ඉදිරිපස වීදුරුව හැර අනෙකුත් වීදුරු සියල්ල සම්පූර්ණයෙන් අඳුරු කොට ඇති අතර නිරන්තර මහනුවර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය කෙරෙන බව පෙලීසිය පවසයි.


යම් අවස්ථාවලදී රථ වාහන හා මාර්ග රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් මෙම වාහනයේ උසස් පොලිස් නිලධාරියෙකු ගමන් ගන්නේ යැයි සිතා වාහනයට ආචාර කර ඇති බව සඳහන් වේ.


මෙම ජීප් රථය එකලස් කරන ලද්දක්ද නැතිනම් වර්ණ වෙනස් කළ එකක්ද කුමන ආකාරයේ කටයුතු සඳහා භාවිතා කළේද යන්න පිළිබඳව මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවක්ද කැඳවීමට නියමිත බව වාර්තා වේ.


මෙම ජීප් රථයේ හිමිකරු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇති බව වාර්තා වේ.

 

More News..