ඉතිහාසයේ පළමු වරට ජපානයේ ආයෝජකයන් 250ක් දිවයිනට
31 August 2026 | ටී.කේ.ජී.කපිල - කටුනායක
ඉතිහාසයේ පළමු වරට ජපානයේ ආයෝජකයන් 250ක් දිවයිනට
31 August 2026 | ටී.කේ.ජී.කපිල - කටුනායක
ජපාන සංචාරයකයන් සහ ආයෝජකයන් 250 කට වැඩි විශාල පිරිසක් ඉතිහාසයේ පළමු වරට ඊයේ (30) දින පස්වරුවේ, ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පැරණි මිතු දම් අලුත් කරමින් මෙම ජපාන ජාතිකයන් පිරිස මෙරටට පැමිණ තිබුණි.
ඔවුන් ඊයේ (30) දින පස්වරු 04.30 ට ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු , එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල , සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙම ගවේෂණාත්මක සංචාර කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිට පිහිටි " ලිට්ල් ජැපෑන් " හෝටල් සමූහයේ නිර්මාතෘ ආචාර්ය රුවන් පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබූ අතර ඒ සදහා වරාය සහ ගුවන් සේවා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ද අනුග්‍රහය හිමි වී තිබුණි.
මෙහිදී සමූහ ජායාරූපය ගන්නා අවස්ථාවේ , ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු ශ්‍රී ලාංකික සම්භාවනීය ආරාධිතයන් පිරිස , මෙරටට පැමිණි ජපන් ජාතිකයන් සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ලොබ් ශාලාවේ බිම ඉද ගැනීමට තරම් නිහතමානි වීම එම ජපන් ජාතිකයන්ගේ විශේෂ ඇගැයීමකට ලක් විය.
මෙම ජපාන සංචාරයකයන් සහ ආයෝජකයන් පිරිස , සිය ශ්‍රි ලංකා සංචාරය නිමා කර එළඹෙන 09/04 දින මෙරටින් ආපසු පිටත්ව යාමට නියමිතය.

