brand logo
logo
බදු ගෙවන අයට විශේෂ දැනුම්දීමක්

බදු ගෙවන අයට විශේෂ දැනුම්දීමක්

13 August 2026

2026 වසරේ ජූලි මාසය සඳහා වන එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු 20 වන දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. 


බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ නියම කරන බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය. 


චෙක්පතකින් හෝ බැංකු අණකරයකින් හෝ ගෙවීම් ඇණවුමකින් සිදු කරන ලබන ගෙවීමක් නියමිත දිනය පසුවී ලැබීම ද ප්‍රමාද ගෙවීමක් ලෙස සලකනු ලැබේ. 


එමෙන්ම ජූලි මාසය සඳහා වන වැට් වාර්තා භාරදීම අගෝස්තු මස 31 වන දින හෝ එදිනට පෙර සිදු කළ යුතුය. 


එම වාර්තා මාර්ගගත ක්‍රමය මගින් භාරදිය යුතු බව සඳහන්ය.


මේ අතර රඳවාගත් බදු අගෝස්තු මස 15 වෙනිදාට හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියි. 


එමෙන්ම ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අගෝස්තු 20 වෙනිදාට හෝ ඊට පෙර ගෙවිය යුතු බවට එම දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.

 

More News..