මෙරට ක්‍රීඩා පරිපාලන ආයතනයක දැවැන්ත පිපිරීමක් අත ළඟ
06 November 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
මෙරට ක්‍රීඩා පරිපාලන ආයතනයක දැවැන්ත පිපිරීමක් අත ළඟ
06 November 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිශය ප්‍රබල යෙදීමක් ඇති ආයතනයක දැවැන්ත පරිපාලන පිපිරුමක් නුදුරේදීම සිදුවනු ඇතැයි ‘අරුණ’ට සැලවේ.
අත්තනෝමතික හැසිරීම් සහ දූෂිත ගනුදෙනු, මුදල් හා වරප්‍රසාද අවභාවිතා ආදිය සම්බන්ධයෙන් මෙම ආයතනය ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ අතර එම චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්, මෙම ආයතනයේ ප්‍රධානියෙකු මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් තහනමටකටද ලක්විය. එම සිදුවීම්වලින් අනතුරුව මෙම වසරේදී එහි නව පරිපාලනයක් පත්වූ අතර මේ වන විට එකී පරිපාලනයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ හැසිරීම් සම්බන්ධයෙන් ද දැඩි ආන්දෝලනයක් මතුව තිබේ.
ඔවුන්, මෙකී ආයතනයේ මුල්‍ය පටිපාටි මායිම් නොකර අත්තනෝමතික ලෙස දැවැන්ත ගනුදෙනු සිදුකිරීම ඇතුළු කාරණා රැසක් හේතුවෙන් මේ වන විට එහි දැවැන්ත අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී ඇතැයි සැලවේ. මෙම ආයතනයේම තවත් පාර්ශ්වයක් මෙකී ගනුදෙනුවල නෛතිකභාවය සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් විමසා ඇති අතර මේ දක්වා එයට සාධාරණ පිළිතුරක් හෝ පිළිගතහැකි තොරතුරු ආදිය ලබාදීමට එම නිලධාරීන් අපොහොසත්ව සිටින බවද පැවසේ. මේ හේතුවෙන් පැනනැගී ඇති ඝට්ටනය ඉදිරියේදී කිහිප ආකාරයකට පුපුරායෑමට ඉඩ ඇති අතර දරුණු නීතිමය ක්‍රියාමාර්ග පවා බලාපොරොත්තු විය හැකි බවක් පෙනෙන්නට තිබේ.

