brand logo
logo
 පානදුරේ හෝටලයක විශේෂ සෝදිසි මෙහෙයුමක්

පානදුරේ හෝටලයක විශේෂ සෝදිසි මෙහෙයුමක්

08 November 2026


පානදුර දකුණ පොලිස් වසමේ නල්ලූරුව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකළ විශේෂ සෝදිසි කිරීමක දී පරිගණක 23ක් පොලිස් භාරයට ගෙන තිබේ.


පානදුර දකුණ පොලිස් වසමේ නල්ලූරුව ප්‍රදේශයේ හෝටලයක් තුළ අන්තර්ජාලය හරහා නීතිවිරෝධී ව්‍යාපාරයක් සහ මූල්‍ය වංචා සිදු කරන ලද බවට ලද තොරතුරක් මත, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ(07) සහ පෙරේදා යන දිනවල විශේෂ සෝදිසි කිරීමක් සිදුකර තිබේ.


පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව, පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.


මෙම මෙහෙයුම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ වාර්තා කොට්ඨාසය, නිල සුනඛ කොට්ඨාසය සහ රාජ්‍ය භාෂා දෙපාර්‌තමේන්තුවේ සහාය ද ලබාගෙන තිබේ.


මෙම හෝටලය තුළ රැඳී සිටි චීන ජාතිකයින් 32දෙනෙකු විසින් යම් අපරාධයක් සිදුකර ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා, ඔවුන් භාරයේ තිබූ පරිගණක 23ක් සහ උපාංග පොලිස් භාරයට ගෙන පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

 

 

More News..