GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවිඩ සේවාවක් ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්
09 November 2026
GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවිඩ සේවාවක් ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්
09 November 2026
GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පොලිසියේ රථවාහන අංශය මගින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ජනතාව වෙත මේ වන විට කෙටි පණිවිඩ කිහිපයක් ලැබී ඇති බවය.
අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඒ සමග ලැබී ඇති GovPay සබැඳිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමග යැවීම සඳහා සකස් කර ඇති සයිබර් වංචාවක් වන බවත්ය.
සබැඳි හරහා කිසිදු දඩ මුදලක් ගෙවීමට GovPay නිල වේදිකාව හරහා කෙටි පණිවිඩ හෝ දැනුම්දීම් සිදු කිරීමට කිසිදු අවස්ථාවක අමාත්‍යාංශය හෝ රජය පියවර ගෙන නොමැති බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
GoVPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පමණක් වන බවත් මෙවැනි විදේශීය හෝ සැක සහිත වෙබ් අඩවි සබැඳි හෙවත් විශේෂයෙන් lygov.art වැනි ව්‍යාජ ඩොමේන් හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම මෙම වංචනික පණිවිඩ මගින් පුරවැසියන්ගේ මූලික තොරතුරු සහ බැංකු ගිණුම් දත්ත සූක්ෂම ලෙස ලබා ගැනීමට උත්සාහ කරන බැවින් මෙවැනි පණිවිඩ වෙත ප්‍රතිචාර දැක්වීමෙන් මෙන්ම එවැනි සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
රජයේ හෝ නීතිමය ආයතනවල නමින් ලැබෙන මෙවැනි සැකසහිත දැනුම්දීම් පිළිබඳව අතිශයින් විමසිලිමත් වන ලෙසත්, රජයේ නිල සේවා ලබා ගැනීමේදී නිල වෙබ් අඩවි (gov.lk)පමණක් භාවිත කරන ලෙසත් ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය ජනතාවට අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දී තිබේ.

