brand logo
logo
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

13 September 2026


කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ගුවන්තොටුපළ ව්‍යාපාරිකයින් සඳහා වූ රක්ත මාවත ඔස්සේ පිට කරගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.


සැකකරු විසින් ඊයේ (12) පස්වරුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ තිබේ.


එහිදී ඔහු විසින් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 668ක ප්‍රමාණයක් ගුලි 03ක් ලෙස සකස් කර ඇඳ සිටි කළිසමෙහි පැති සාක්කු දෙකෙහි සඟවා මෙරටට රැගෙන විත් තිබුණි.


රේගු නිලධාරින් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හැටහය ලක්ෂ අසූ දහසක් වන බවය.


අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමටද පියවර ගෙන තිබේ.

 

More News..