අයිස් කිලෝ 2ක් සහ කුෂ් සමඟ සැකකරුවෙකු මාට්ටු
13 October 2026
අයිස් කිලෝ 2ක් සහ කුෂ් සමඟ සැකකරුවෙකු මාට්ටු
13 October 2026
අයිස් මත්ද්‍රව්‍ය සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
ඊයේ (12) අම්බලන්ගොඩ කුළීගොඩ ප්‍රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත නිවසක් සෝදිසි කර තිබුණි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 140ක්, කුෂ් ග්‍රෑම් 510ක්, මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් සමඟ මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.
සැකකරු අවුරුදු 32ක් වන කුළීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අම්බලන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

