brand logo
logo
ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද

ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද

03 September 2026 | ගයාත්‍රි ගීගනආරච්චි


ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා පෙරේදා (01 වැනිදා) රාත්‍රියේ දී සිය දිවිය නිමා කළේය.


කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර ඒ වන විට ඔහු 64 වියෙහි පසුවිය.


ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුතු වන ප්‍රියංකර පියාගෙන් උරුම වූ ගායන කෞශල්‍ය සිය හඬින් ඉන් පසු පරම්පරාවට දායාද කළේය. ප්‍රියංකර පෙරේරා රංගන ජීවිතයට එකතු වෙන්නේ කේ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘දුර්ගා’ චිත්‍රපටයෙනි. ධවල පුෂ්පය, මධුරි, සුරඟන, ගෙදර බුදුන් අම්මා වැනි දෑ ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයකි.


ජනප්‍රිය රංගන ශිල්පිනී දිල්හානි ඒකනායකගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ඔහු නව පරපුරේ ගායන ශිල්පී දිල්මින් පෙරේරාගේ ආදරණීය පියා ය.


ප්‍රියංකර පෙරේරාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ අවසන් කටයුතු අද (03 වැනිදා) සවස සිදු කිරීමට නියමිතය.

 

More News..