විනිසුරුවන්ට ඩිජිටල් පැකේජයක්
28 November 2026 | ඉෂාර රත්නකාර
විනිසුරුවන්ට ඩිජිටල් පැකේජයක්
28 November 2026 | ඉෂාර රත්නකාර
සියලුම අධිකරණ විනිසුරුවරුන් වෙත ඩිජිටල් සේවා පහසුකම් පැකේජයක් දීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු සූදානම් කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමග එක්ව E-Courts ව්‍යාපෘතියට සමගාමීව සියලුම විනිසුරුවරුන්ට අමතරව අධිකරණ නිලධාරින් සඳහා මෙන්ම සියලුම අධිකරණයන් වෙතද Voice to text පහසුකම් ඇතුළත් ඩිජිටල් සේවා පහසුකම් පැකේජයක් (Package of Digital Facilities) 2026 දෙසැම්බර් මස සිට දීමට කටයුතු සූදානම් කර ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් පවසයි.
අධිකරණ කාර්ය මණ්ඩල සඳහා මෙම පහසුකම වෙනම පැකේජ දෙකක් යටතේ දෙන බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන් එක් පැකේජයක් එක් එක් අධිකරණයේ රෙජිස්ට්රා්වරයා වෙත වෙන් කෙරෙන බවත්, සෙසු පැකේජය ලඝුලේඛක සංචිතය (Stenographers pool) නියෝජනය කිරීම සඳහා අදාළ අධිකරණය විසින් නම් කරන ලද එක් ලඝුලේඛක නිලධාරියකු වෙතදීමට කටයුතු යොදා ඇතැයි ද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.


