පාදුක්ක-තුන්නානදී හයිලෙවල් මාර්ගයට කොට්ට ගසක් කඩා වැටෙයි
09 November 2026
පාදුක්ක-තුන්නානදී හයිලෙවල් මාර්ගයට කොට්ට ගසක් කඩා වැටෙයි
09 November 2026
හයිලෙවල් මාර්ගයේ පාදුක්ක, තුන්නාන ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී මාර්ගයට විශාල කොට්ට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට හානි සිදුව තිබේ.
අනතුර සිදුවීමත් සමඟ හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, මේ වන විට ප්‍රදේශයේ රථවාහන තදබදයක් සහ ගමනාගමනට බාධා මතුව ඇති බව පාදුක්ක පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව සඳහන් වෙයි.
මාර්ගයේ කඩා වැටී ඇති ගස කපා ඉවත්කර, යළි වාහන ගමනාගමනය සඳහා මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට පියවර ගනිමින් පවතී.

