වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
09 August 2026
වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
09 August 2026
ඉදිරි මාස දෙක තුළත් දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වියළි කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළඟේ වේගය අඩුවීමත් සමග සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාහැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී සිටී.
පවතින වියළි කාළගුණය හේතුවෙන් අනුරාධපුර, සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජලාශ සිඳීයාමෙන් ජන ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
එමෙන්ම දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල සිරුරට දැනෙන උණුසුමක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල් ආදී ප්‍රදේශවල අද උදෑසන 6 වනවිටත් සෙල්සියස් අංශක 29ද ඉක්මවා ගිය උණුසුමක් පැවතුණි.

