ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙයි
21 November 2025
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙයි
21 November 2025
ඩුබායි හිදී පැවැත්වෙන 'Dubai Air Show' ගුවන් සන්දර්ශනය අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබේ.
'HAL තේජාස්' නම් යානය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එම අනතුර ඩුබායි වේලාවෙන් අද (21) ප.ව. 2:10ට පමණ සිදුව තිබේ.
යානය කඩාවැටීමට පෙර එහි නියමුවා පිටතට පැනගත්තාද, නැතිනම් ජීවිතක්ෂයට පත්වූවාද යන්න පිළිබඳ මේ දක්වා තහවුරු කර නොමැත.
නරඹන්නන් පිරිසක් බලා සිටියදී අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් කළු දුමාරයක් සමග ගුවන්යානය කඩාවැටී තිබේ.
ලොව වඩාත් ජනප්‍රිය ගුවන් සන්දර්ශනයක් වන මෙම ඩුබායි 'Dubai Air Show' සඳහා ලොව පුරා රටවල් රැසක ගුවන් යානා කර තිබේ.

