උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී නෑ, කිසිදු බියකින් තොරව විභාගයට මුහුණ දෙන්න - විභාග දෙපාර්තමේන්තුව
13 August 2026
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී නෑ, කිසිදු බියකින් තොරව විභාගයට මුහුණ දෙන්න - විභාග දෙපාර්තමේන්තුව
13 August 2026
උසස්පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය විභාගයට පෙනී සිටින්නන්ට දැනුම්දී සිටියේ, ඒ සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇතිකර නොගෙන විභාගය සඳහා මුහුණදෙන ලෙසය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්,
"හෙට දිනයට නියමිත ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදුකර නොමැත.
ප්‍රශ්න පත්‍ර පිටවීමක් කිසිදු අවස්ථාවක සිදුනොවී ඇති බව අවධාරණය කරමි.
ව්‍යාජ තොරතුරුවලින් කලබලයට පත්නොවී හෙට දින නියමිත පරිදි විභාගයට මුහුණදෙන්න.
නියමිත කාලසටහන පරිදි සියලුම විභාග මධ්‍යස්ථානවල විභාගය පැවැත්වෙන බැවින්, සියලුම අපේක්ෂකයන් තමන්ට නියමිත කාලසටහන අනුව මධ්‍යස්ථානවලට පැමිණිලා විභාගය සඳහා මුහුණදෙන්න" යනුවෙන් පැවසීය.
අම්බලන්තොට ප්‍රදේශයේ පාසලක පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක තිබූ ප්‍රශ්න පත්‍ර බහාලුමක් තුළ තිබී, හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ භෞතික විද්‍යා (I) ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් 6ක් අද (13) හමුවීමේ සිද්ධියක් වාර්තා විය.
අද පැවැත්වූ සංගීතය, නර්තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු වූ බහාලුම් තුළ මෙම භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පැකට් ද අඩංගු වී තිබූ බව අනාවරණය තිබුණි.
කෙසේවෙතත්, අදාළ ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් කිසිදු ලෙසකින් නිරාවරණය වීමක් සිදුව නොමැති බවත්, ප්‍රශ්න පත්‍ර කට්ටල හමුවූ විගසම එම කට්ටල මුද්‍ර තැබීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව වැඩදුරටත් පැවසීය.

