මැදපෙරදිග තත්ත්වය මැද මෙරට මුහුදු සීමාව ආසන්නයේ නැව් 47ක්
08 September 2026
මැදපෙරදිග තත්ත්වය මැද මෙරට මුහුදු සීමාව ආසන්නයේ නැව් 47ක්
08 September 2026
අමෙරිකාව සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් මැද මෙරට මුහුදු සීමාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ නෞකා 47ක් නවතා තබා ඇති බවට මේ වන විට හඳුනා ගෙන ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙරට මුහුදු සීමාවට මුහුදු සැතැප්ම කිලෝමීටර් 24කට එහායින් මෙම නෞකා නවතා තබා ඇති බවය.
මෙම නැව් අතරට ඉරාන නෞකා මෙන්ම වෙනත් නෞකාද පවතින බව පැවසූ අමාත්‍යවරයා එම නැව් වෙළෙඳ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා බවට මේ වන විට හඳුනාගෙන ඇතැයිද පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ මෙම කිසිදු නෞකාවක් මේ වන තෙක් මෙරටින් පහසුකම් ඉල්ලීමක් සිදුකර නැති බවත් එමෙන්ම මෙරටද එම නෞකා සඳහා පහසුකම් සලසා දීමක් සිදුකර නැතැයි බවත්ය.
කෙස් වෙතත් නාවික හමුදාව මේ පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධව කිසිදු රජයේ මැදිහත්වීමක් සිදුකර නොමැති බවය.
"මේ කියන නැව් ඉරාන නැව් විතරක්ම නෙමෙයි. අපි නැව් 47ක් අපි හඳුනගෙන තියෙනවා. මේ සියලුම නැව් තිබෙන්නේ අපේ මුහුදු සීමාවේන් ඔබ්බේ. ජාත්‍යන්තර මුහුදු සීමාවේ. මුහුදු සැතැප්ම කිලෝමීටර් 24කට එහා පැත්තේ. ඒ තියෙන නැව්වලින් ඉරානයට අයත් නැව් කිහිපයකුත් තියෙනවා. ඒ කිසිවක් අපේ මුහුදු සීමාවේ නෑ. මේක අපේ ලංකාවට යාබදව විතරක් නෙමෙයි තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියා වගේ රටවලටත් යාබදව ජාත්‍යන්තර මුහුදු සීමාවේ විවිධ වෙළෙඳ නැව්, භාණ්ඩ ප්‍රවාහන නැව් නවතා තබනවා. ඒ භාණ්ඩ ප්‍රවාහන නැව් ප්‍රවාහන කටයුත්ත ඉටු කරන තෙක්. අපි මේ කිසිවකට ලංකාවේ ආණ්ඩුව හැටියට කිසිම පහසුකමක් සපයලා නෑ. ඒ වගේම ඔවුන්ගේ පැත්තෙන් අපෙන් ඉල්ලීමක් කරලාත් නෑ. මොනවාහරි අවශ්‍යයි කියලා ජාත්‍යන්තර සාගර නීතියට අනුව අපෙන් ඉල්ලීමක් කරලාත් නෑ අපි යමක් ලබා දීලත් නෑ. නැව් කිහිපයක් තිබෙන බව ඇත්ත. අපේ නාවික හමුදාවත් ඒ පිළිබඳව නිරීක්ෂණයක ඉන්නවා. ඒ හැර මේ පිළිබඳව කිසිදු මැදිහත්වීමක් රජයක් විදිහට කරලා නෑ."

