brand logo
logo
ඉදිරි දින කිහිපයෙත් වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයෙත් වැසි තත්ත්වයේ වැඩිවීමක්

22 October 2026

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.


මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (22) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව දැනුම් දී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්

හෙට (23) දින පෙ.ව. 5.30 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

අධික වැසි සමග ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයන්, පස් කඩා වැටීම් සහ ප්‍රදේශයේ ගමනාගමන බාධා පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ රියදුරන්ට බලධාරීන් විසින් දැඩි ලෙස අවවාද කරයි.

 

More News..