brand logo
logo
පෙරහැරට රැගෙන ගිය අලියා අතරමඟදි  ටිපර් රථයක ගැටෙයි

පෙරහැරට රැගෙන ගිය අලියා අතරමඟදි ටිපර් රථයක ගැටෙයි

28 July 2026

පෙරහැර මංගල්‍යයක් සඳහා ලොරි රථයකින් රැගෙන යමින් සිටි අලියෙකු මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේ දී මාර්ගය අසල සිටියදී ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ. 


කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයේ සිට මෙම අලියා රැගෙන යමින් සිට ඇත්තේ, මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහාය.


අලියා රැගෙන යමින් තිබූ ලොරි රථයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අලියා එම වාහනයෙන් බස්සවා පාරෙන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනයවූ වූ වැලි ටිපර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.


ටිපර් රථයේ ගැටුණු වනඅලියා මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් ඇති අතර, මේ වනවිට අනතුර සිදුකළ ටිපර් රථ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



 

More News..