උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
21 May 2025
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
21 May 2025
පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ පෙ.ව 09.45ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 1007 දරණ සීඝ්‍රගාමී දුම්රියයි.
ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි බව දැනුම් දී ඇත.
එමෙන්ම ප.ව.06.30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය පැවති මාර්ග අවහිරතාවය හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වී ධාවනය වන බවද දැනුම් දී ඇත.
එම දුම්රිය තවමත් බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැති බව වාර්තා වේ.