හදිසි තෙල් සංචිත ලෝක වෙළෙඳපොළට මුදාහැරීම ඇරඹේ
15 March 2026
හදිසි තෙල් සංචිත ලෝක වෙළෙඳපොළට මුදාහැරීම ඇරඹේ
15 March 2026
ලෝක වෙළෙඳපොළේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස තම හදිසි සංචිතවලින් තෙල් බැරල් මිලියන 400ක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) තීරණය කර තිබේ.
ඒ අනුව ඉතා ඉක්මනින්ම මෙම තෙල් තොග ලෝක වෙළෙඳපොළට පැමිණීම ආරම්භ වනු ඇති බව එම ඒජන්සිය පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එක්සත් රාජධානිය සහ අමෙරිකාව ඇතුළු ලොව ධනවත්ම රටවල් 32කින් සමන්විත IEA සාමාජිකයින් පසුගිය බදාදා මෙම තීරණයට එළඹුණේ වර්තමානයේ උද්ගතව ඇති අභියෝගවලට මුහුණ දීම සඳහායි.
මෙම මුදාහැරීම, 2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ IEA සාමාජිකයින් විසින් මුදාහළ වාර්තාගත තෙල් ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි.
මීට සති දෙකකට පෙර මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ දිනට සාපේක්ෂව, මේ වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 25%කින් පමණ ඉහළ ගොස් තිබේ.
මෙම හදිසි සංචිත මුදාහැරීම හරහා ඉහළ යන තෙල් මිල පාලනය කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.

