නායගිය තැනින් කොළඹ-නුවර පාර සම්පුර්ණයෙන් වැසෙයි
22 November 2025
නායගිය තැනින් කොළඹ-නුවර පාර සම්පුර්ණයෙන් වැසෙයි
22 November 2025
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
එම මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මෙලෙස වසා දමා ඇත.
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට අද (22) උදෑසන පස් කඳු වැටීම සිදුව තිබුණි.
ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තිබුණි.
සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මේ වනවිට මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුරින් එම වෙළෙඳසැලෙහි සිටි කිහිප දෙනෙකු තවමත් සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වෙයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම වෙළෙඳසැල කෙටි ආහාර සහ තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක් බවය.

