ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම්
19 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම්
19 July 2026
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ විදුලිය සඳහා ඇති ඉල්ලුම මේ දිනවල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවය.
ඒ අනුව විදුලි උත්පාදනය සහ ඉල්ලුම අතර මෙගාවොට් දහස් ගණනක වෙනසක් ඇති බැවින් එරට විදුලි පද්ධතිය දැඩි අර්බුදයකට ඇද වැටි ඇති බවත් වාර්තා වේ.
අගනුවර වන ටෙහෙරානය ඇතුළු ප්‍රදේශ කිහිපයක දැනටමත් සැලසුමකට අනුව විදුලි විසංධි කිරීම් ආරම්භ කර ඇති අතර, කර්මාන්තශාලා සඳහා සතියකට දින දෙකක් විදුලිය සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී ප්‍රකාශ කළේ, ඉරානය, අමෙරිකාව සමඟ නැවත සාකච්ඡා මේසයට පැමිණීමට අපොහොසත් වුවහොත්, ඉදිරි දිනවලදී එරට විදුලි බලාගාර සහ ප්‍රධාන පාලම් අමෙරිකානු හමුදා ප්‍රහාරවල ඉලක්ක බවට පත්විය හැකි බවයි.

