නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ කුළු බඩු තොගයක් නාවික හමුදාව අල්ලයි
24 August 2026
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ කුළු බඩු තොගයක් නාවික හමුදාව අල්ලයි
24 August 2026
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියලි ඉඟුරු සහ එනසාල් පොතු තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
ඒ කල්පිටිය බත්තලන්ගුණ්ඩුව, සින්නගුණ්ඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය.
එහිදී සැකකටයුතු උර 13ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහි තිබී වියලි ඉඟුරු කිලෝග්‍රෑම් 264ක් සහ එනසාල් පොතු කිලෝග්‍රෑම් 69ක තොගයක් මෙලෙස සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ.
එමෙන්ම මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් කුළු බඩු තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.

