පොලිස්පතිට කියන්න" ඔන්ලයින් පැමිණිලි සේවාව යළි ඇරඹේ
07 January 2025
පොලිස්පතිට කියන්න" ඔන්ලයින් පැමිණිලි සේවාව යළි ඇරඹේ
07 January 2025
ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස් කාලයක් නතරකර තිබූ "පොලිස්පතිට කියන්න" (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව යළි ආරම්භ කර තිබේ.
පොලිස් මූලස්ථානය පැවසුවේ, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ( 6) යළි ස්ථාපිත කළ මෙම සේවාව මගින් පොලිස් සේවය පිළිබඳව අදහස් හා යෝජනා මෙන්ම පොලිස්පතිවරයාගේ අවධානයට යොමුවිය යුතු ඕනෑම ආකාරයේ පැමිණිල්ලක් පොලිස්පති වෙත සෘජුවම ඉදිරිපත් කිරීමට මහ ජනතාවට අවස්ථාව සැලසෙන බවයි.
කඩිනමින් ප්‍රතිචාර දක්වනු ලබන මෙම සේවාව ලබාගැනීම සඳහා www.police.lk නිල වෙබ් අඩවියේ E-Service යොමුවට පිවිස Tell IGP අයිතමයේ සඳහන් පෝරමයේ සත්‍ය තොරතුරු සටහන්කරමින් පැමිණිල්ල ඉදිරිපත්කිරීම සිදුකළ යුතුය.

