brand logo
logo
 කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

15 March 2026


කෙත්හේන සිට කළුතර දක්වා ප්‍රධාන සැපයුම් මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා තිබේ.


ඒ අනුව වස්කඩුව, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, නාගොඩ, කටුකුරුන්ද සහ බෝම්බුවල ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇත.


හෙට (16) පෙ.ව. 10.00 පමණ වනවිට මෙය යථාවත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් වේ.


'1939' කෙටි දුරකතන අංකය ඇමතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

 

More News..